Colombo Today Local News

මැණික් ගල් 492 ක් සමග හාර්බර් බණ්ඩා අත්අඩංගුවට.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා මාර්ග බාධකයකදී සැක කටයුතු වහනයක් පරික්ෂා කිරීමේදී බලපත්‍ර රහිත මැණික් ගල් 492 ක් සමග හිටපු නාවික හමුදා නිලධාරියෙකු ඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චතුර තරංග ධනුෂ්ක බණ්ඩාර නොහොත් හාර්බර් බණ්ඩා ලෙස හඳුනාගෙන ඇති අදාල පුද්ගලයා සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගමන්කරමින් සිටි මෝටර් රථය ද සමගින් වැඩිදුර පරීක්ෂණ සඳහා නොරොච්චෝල පොලිසියට භාර දී ඇත.

මෙම මැණික් ගල් නීති විරෝධී ආකාරයෙන් ඉන්දියාවට යැවීම සඳහා කල්පිටිය ප්‍රදේශයට රැගෙන ගියේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව දැන ගන්නට ඇත.

ක්‍රිෂාන්ත වෙලගෙදර

දැනට ඔස්ට්‍රේලියාවට පැනගොස් සිටින යහපාලන රජය සමයේ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් සිරගත කිරීම සඳහා අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට සිවිල් සංවිධානවල චෝදනාවට ලක්ව සිටින ක්‍රිෂාන්ත වෙලගෙදර සමග එක්ව මිනිස් ජාවාරමේ නිරතවූ බවට මීට ඉහතදී හාර්බර් බණ්ඩාට චෝදනා එල්ල වී ඇත.

Related posts

FCID අධ්‍යක්ෂක අත්අඩංගුවට !!

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday