ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති ගෝලීය ද්‍රවිඩ සංසදයට ලංකාවට පැමිණෙන ලෙස රජය ආරාධනා කර තිබේ.
පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයා, විදේශ අමාත්‍ය මංගල සමරවීර, පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා සහභාගිත්වයෙන් ගෝලීය දෙමළ සංසදය නොහොත් LTTE ඩයස් පෝරාව සමග පැවැත්වූ සාකච්චාවක ප්‍රතිපලයක් වශයෙන් ගෝලීය දෙමළ සංසදයේ ලංකා ගමන සිදුවීමට නියමිත බව එහි සභාපති එස් ජේ එමානුවෙල් සඳහන් කරයි.
පුජකවරයෙක් වන එස් ජේ එමානුවෙල් ශ්‍රී ලංකාවට පැමිණ සාමය ගොඩනැගීම සඳහා ආගමික ක්ෂේත්රයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එකඟතාව පල කළ බවද වැඩිදුරටත් ඔහු සදහන් කර ඇත.