Colombo Today Local News

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

පසුගිය රජය සමයේ, මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන… තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය නීතිමය පදනමක් නොමැති වැරදි සහගත නඩුවක් යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙරේදා (19දා) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුව පෙරේදා (19දා) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන බොහොමයක් දැනටමත් ඔවුන් වෙත භාරදී තිබෙන බවයි. එහෙත් විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය ඉල්ලා සිටි ලේඛන සමහරක් මේ වනතුරු පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබාදී නොමැති බව චෝදනා කළේය.

මෙම නඩුව කඩිනමින් විභාග කිරීම සඳහා අධිකරණයට සහාය වීම විත්ති පාර්ශ්වයේ අරමුණ වුවත් පැමිණිල්ල විසින් අදාළ ලේඛන ලබාදීම ප්‍රමාද කරමින් සිටින හෙයින් දෙසැම්බර් මස 04 වැනිදා සිට දිනපතා විභාග කිරීමට නියම කර තිබෙන මෙම නඩුවට තමන්ට සූදානම් වීමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවද ජනාධිපති නීතිඥ සිල්වා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් නඩුවේ විභාගය ප්‍රමාද කරමින් සිටින්නේ පැමිණිල්ල විසින් බව චෝදනා කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩුව නීතිමය පදනමක් නොමැති වැරදි සහගත ලෙස පැවරූ නඩුවක් බව ද සඳහන් කළේය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිය ඉල්ලා සිටින ලේඛන බොහෝමයක් මේ වනවිටත් ඔවුන් වෙත භාරදී ඇති බවත් ඉතිරි ලේඛන ද ඉදිරි දින කීපය තුළ ලබාදීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලබාදී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත නොවැම්බර් මස 9 වැනිදා කැ¼දවන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළේය.

Related posts

“මහින්ද ගිණි පොලියට ණය අරන්.. රුපියල කඩා වැටෙන්නේ ඒ නිසයි” – ඇමති හරීන්

colombotoday

චීනයේ සිට ආ සිසුන් දියතලාවට ගෙන ඒම නවතනු – මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

colombotoday

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන නිසා ඉන්දියාව කන්කසන්තුරේ වරාය ඉල්ලයි !

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday