Colombo Today Local News

කුරානයට අපහාස කළේයැයි ඥානසාර හිමිට විරුද්ධ නඩුව කල් යයි.

කුරානයට අපහාස කළේයැයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ගොනු කර ඇති නඩුව අද කොළඹ අලුත්කඩේ අංක 4 අධිකරණයේදී කැඳවනු ලැබුවා.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දීපිකා හෙට්ටිමුල්ල සහ කැලුම් කේ හේවගේ අධිකරණයට දන්වා සිටියේ උන්වහන්සේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙම නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කලේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටි අතර ඒ සඳහා පිළිතුරු ලබා දීමට පොලීසිය අපොහොසත් විය.

නොවැම්බර් 5 වනදා දක්වා මෙම නඩුව කල්තැබූ මහේස්ත්‍රාත්වරයා එදිනට ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියා.

Related posts

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

Admin

පොහොට්ටුවේ පැකේජය අද එළිදකී !

colombotoday

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

Admin

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සී.වී. විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.

colombotoday