Colombo Today Local News

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබේ.

එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර ඇත.

එමගින් ගගනගාමීන්ව කක්ෂයේ කිලෝ මීටර් 400ක් පමණ දුරකට යවා දින තුනකට පසුව ඔවුන්ව ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් සඳහන් ය.

එම ගමන සඳහා ගගනගාමීන් තිදෙනෙක් එක්වීමට නියමිතය.

එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) මේ වනවිට විවිධ අත්හදාබැලීම් සිදුකරමින් සිටියි.

මෙම වසරේදී රොබෝවක් අභ්‍යවකාශයට යැවීමට ඉන්දීය විද්‍යාඥයින් සැලසුම් කර ඇති අතර අනතුරුව ලබන වසරේදී ගගනගාමීන්ව අභ්‍යවකාශයට යැවීමට ඉන්දියාව සැලසුම් කරමින් සිටී.

Related posts

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

“ශ්‍රීලනිප අපේ සතුරා එජාපයයි.. සහෝදර පක්ෂ නොවේ” ඇමති සුසිල් සම්මුතිය කුඩුවෙන්න දෙයි (Video)

colombotoday

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday