දේශබන්දු තෙන්නකෝන් තවමත් අතුරුදන්ය.
මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ ඉකුත් මස 28 වැනිදාය. එම අධිකරණ නියෝගයෙන් ඉක්බිති ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් දේශබන්දු සොයා ඔහුගේ හෝකන්දර සහ ගිරිඋල්ල නිවාස පරික්ෂා කළද ඔහු එම ස්ථාන වල රැඳී සිටියේ නැත.
මේ අතර ඉකුත් පළමුවැනිදා හෝ ඒ ආසන්න දිනකදී පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියාසිටියේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ විසින් නියෝග කර ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට සැඟව සිටින බවයි.
පොලිස්පති දේශබන්දු සොයමින් විමර්ශන කණ්ඩායම් රට පීරමින් සිටින බවට මාධ්‍ය විසින් පුවත් මවමින් සිටින අතරේ දේශබන්දු පොලිස් නාටකය නාඩගමක් බවට පත්වන්නේ මෙවන් පසුබිමකයි.
සැඟවුණු දේශබන්දු රකින්න හිටපු රජයේ ප්‍රබලයෙක්!
ඉකුත් පස්වැනිදා පාර්ලිමේන්තුව අමතමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් සඳහන් කළේ දේශබන්දු සැඟවීමේ කුමන්ත්‍රණය පිටුපස හිටපු රජයේ අමාත්‍යවරයෙකුගේ හස්තය වැටී ඇති බවයි.
මේ අතර ඊට පසුදින එනම් මාර්තු හයවැනිදා උණුසුම් වූ පොලිස් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දේශබන්දු සොයාගැනීම සඳහා මහජන සහය ඉල්ලා සිටියේය.
දේශබන්දු රකින ප්‍රබලයා හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ද?
මන්ත්‍රී ශානකියන්ගේ ප්‍රකාශය තහවුරු කරමින් දෙදිනකට පෙර දෙබරයට ගල් ගැසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දේශබන්දු පිටුපස ඩීල් දාන ප්‍රබලයා හිටපු ඇමති ටිරාන් අලස් බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට සිටියේය.
මෙම ප්‍රකාශය යළි යළිත් තහවුරු කරන සේයාවක් පෙන්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ පොලිස්පති දේශබන්දු ඇමතිවරයෙකුගේ නිවසේ සැඟව සිටින බවයි.
දේශබන්දු හොයන්න කතරගම බස්නායක නිලමේගේ ගෙට පනී!
මේ අතර, සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව දේශබන්දු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් සිය 84 වියැති මෑණියන් ජීවත්වන මාලිම්බඩ නිවසට මහ රැයේ කඩා පැන්න බවට චෝදනා කරමින් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් ගුනසේකර විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
වරෙන්තු අවශ්‍ය නෑ! සෝදිසි කරන්න පුලුවන්!!
මෙම සිද්ධියේ නීතිමය තත්වය විග්‍රහ කරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරී “පීපල්ස් ටුමෝරෝ” සංවිධානයේ ලේකම් නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා කියා සිටියේ දේශබන්දු සිදු කොට ඇති වරදේ බරපතල භාවය සලකා බැලීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වීමට සෝදිසි බලපත්‍ර අත්‍යවශ්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් තවමත් අතුරුදන්ය!
තමාට බලය ඇති කාලයේ චූදිතයින්ට වධ හිංසා කරමින්, ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප පවා ආලේප කරමින් විවිධ කෙළි සෙල්ලම් දැමූ මේ කුප්‍රකට පොලිස් ජඩයා දැන් තමා අත් අඩංගුවට පත්වීම වලක්වා ගැනීමට හැකි සෑම දහන්ගැටයක්ම ගසමින් සිටින අතර එම උත්සාහය ඊයේ කූටප්‍රාප්තියට පැමිණෙන්නේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන රිට් පෙත්සමක් වේශයෙනි.
මෙම පෙත්සම පිළිබඳව හෙට දිනයේ කරුණු සලකා බැලීමට නියමිත අතර නිදහස්, නිවහල් රටක සාධාරණත්වය අගයන පුරවැසියන් වශයෙන් සිදුවන්නේ කුමක්දැයි අපිද බලා සිටිමු.
දේශබන්දු නාඩගම මාලිමාවේ ස්වයංවින්දනයක්ද?
අවසන් ඌණපූරණයක් වශෙයෙන් කීමට ඇත්තේ හොරු අල්ලා වැරදිකරුවන්ට දඬුවම් දීමට දහපොලේ දිවුරා පැමිණි මාලිමා රජය දේශබන්දු ඇල්ලීමේ ක්‍රියාදාමය මාලිමා බයියන් චූන් කරන ස්වයංවින්දනයක් බවට මේ වන විට පත් කරගනිමින් සිටිනවාදෝ යන ගතියක්ද හැඟී යන බවයි. ඒ බව ඉකුත් දා නියෝජ්‍ය ඇමති සුනිල් වටගල විසින් කරන ලද උක්ත ප්‍රකාශයෙන් යම් තරමකට තහවුරු වන බව ලියුම්කරුගේ අදහසයි.
රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමනි. පොර ටෝක් අදාලම නැත. හැකිනම් අද හෙටම දේශබන්දු අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න.
ඔහු වෙනුවෙන් සූදානම්ව ඇත්තේ සෙල් එකක්ද, නැතිනම් බන්ධනාගාර රෝහලේ ගෙවන වාට්ටුවේ සයනයක්ද යන කරුණ අපි ඉන් පසුව සලකා බලමු.
නැවත නැවතද කියමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින එකොළහක් තිස්සේ තවමත් අතුරුදන්ය.
සටහන – චලන