Colombo Today Local News

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

කොවිඩ් ආසාදිතයකුගේ මළ සිරුරක් ශීතාගාරයක තැන්පත්කර තැබීම හේතුවෙන්, මහනුවර රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නොහැකි වූ මළසිරුරු 5 ක් මෘත ශරීරාගාරයේ තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා පවසයි.

කෝවිඩ් ආසාදිතව මිය ගිය තැනැත්තා මහනුවර ජාතික රෝහලේදී පසුගිය 19 වැනි දින මරණයට පත්වී ඇති අතර අකුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවරණය වී ඇත. මියගිය පුද්ගලයාගේ දේහයට යළිත් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔහුගේ ඥාතීන් නිතීඥවරයෙකු මගින් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරියගෙන් ඉල්ලා තිබිණි. එය ප්‍රතික්ෂේපවීමෙන් පසු මළ සිරුර ආදාහනය කිරීම සඳහා මරණ සහතිකය බාර ගැනීමට ඥාතීහු පැමිණ නොසිටියහ. එබැවින් මළ සිරුර මෘත ශරීරාගාරයේ අධි ශීතාගාරයේ තැන්පත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

මළ සිරුර ආදාහනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙස මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා අලවතුගොඩ පොලීසියට දැනුම් දී තිබුණත් පොලීසිය මෙතෙක් එම නියෝගය ලබාගෙන නොමැති බවද මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් මහතා පැවසීය.

මෙම තත්ත්වය තුළ මෘත ශරීරාගාරයේ වැඩකටයුතු සිදුකිරීම සෞඛ්‍යයට තර්ජනයක් බව පවසමින් වෛද්‍යවරු ඇතුළු සේවක මණ්ඩලය වැඩ වර්ජනය ක්‍රියාත්මක කළහ. වර්ජනය හේතුවෙන් රෝහලේදී සාමාන්‍ය රෝග තත්ත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ලබා ගැනීමටද ඔවුන්ගේ ඥාතීන්ට නොහැකි වී ඇත.

කොවිඩ් ආසාදිතයාගේ මරණය සම්බන්ධයෙන් අදාළ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව පැහැදිලිව දන්වා තිබියදී මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරික්ෂක බී විජේකෝන් මහතා ද පැවසීය.

නිරෝධායන නීති ප්‍රකාරව 2020 නොවැම්බර් 04 වැනි දින නිකුත් වු අතිවිශේෂ නිරෝධායන පනතට අනුව කොවිඩ් ආසාදිත රෝගියකු මියගිය පසු අදාළ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමේ බලය රෝහල් බලධාරින්ට ඇති බවද මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරික්ෂක බී විජේකෝන් මහතා කීවේය.

මියගිය පුද්ගලයාගේ නිරෝධායනය වෙමින් සිටින ඥාතීන් අද (04) දින රෝහල වෙත පැමිණෙන බව දන්වා තිබෙන හෙයින් අදාළ දේහය පිළිබද තීරණයක් ඉන්පසු ගත හැකි බව මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කොවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය කිරීමට පියවර නොගෙන සති දෙකක කාලයක් මෘත ශරීරාගාරයේ අධි ශීතකරණයක තබා ගැනීමෙන් සෞඛ්‍යයට තර්ජනයක් වන බව පවසමින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ සේවක මණ්ඩලය අද (03) වැඩවර්ජනයක නිරත වූහ.

Related posts

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

colombotoday

පාඨලීගේ සෞඛ්‍ය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

colombotoday

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

විටින් විට ගිහියෙක් සහ චීවරධාරියෙක් ලෙස පෙනීසිටි හෙරොයින් ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට

colombotoday