Colombo Today Local News

Covid-19 මැදපෙරදිගටත්… වෛරසය වැලදුණු දෙදෙනෙක් ඉරානයේදී මියයයි !

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මැද පෙරදිගින් වාර්තා වූ පළමු මරණ දෙක අද (20) වාර්තා වුණා. ඒ ඉරානයෙන්. කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි   පුද්ගලයින් දෙදෙනෙකුයි මෙලෙස මියගියේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වූ 74576 දෙනෙකු චීනයෙන් වාර්තා වනවා. මිය ගිය සංඛ්‍යාව 2126ක්. ඊයේ දිනය අවසන් වන විට වෛරසයෙන් පුද්ගලයින් 114 දෙනෙකු මිය ගියා. ඊයේ දිනයේදී නව රෝගීන් 394 දෙනෙකු හදුනාගත් අතර පෙරේදා දිනයට සාපේක්ෂව එය සැළකිය යුතු අඩුවීමක් බවයි වාර්තා වන්නේ. පෙරේදා දිනයේදී හදුනාගත් නව වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1749ක්. දකුණු කොරියාවෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හදුනාගත්තා. ඒ අනුව එරටින් වෛරසය  ආසාදිතයින් සංඛ්‍යාව 82 ක්. ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ජපාන ජාතිකයින් දෙදෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් මිය ගියා. එම නෞකාවේ පුද්ගලයින් 621 දෙනෙකුට වෛසරසය  ආසාදනය වී ඇති බවටයි  හදුනාගෙන ඇත්තේ. නෞකාවේ සිටි හොංකොං ජාතිකයින් සියයකට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට එරට රජය කටයුතු කළා. ඕස්ට්‍රේලියා ජාතිකයින් 180 දෙනෙකුද නැවතත් පැමිණ තිබෙනවා.

ඊජිප්තුවෙන් වාර්තා වූ  වෛරසය  ආසාදිත පුද්ගලයා මේ වන විට සුව වෙමින් පවතිනවා. මේ අතර  කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වෛරසය පතුරුවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා  පැතිරෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබද කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නැහැ.

Related posts

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday