Colombo Today Local News

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

1445062328AvantGarde

දැනට අත්අඩංගුවේ පවතින ගාලු වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් නෞකාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ගාල්ල වරාය පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරය අනුව නෞකාවේ ආයුධ පරීක්ෂා කරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ නෞකාවට ඇතුළු වී තිබෙනවා.

විමර්ෂණ වලින් අනතුරුව නෞකාවේ ආයුධ ගබඩාවට මුද්‍රා තැබූ අතර නෞකාවේ ඇති අවි ආයුධ ගණන් කිරීමේ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ලබා ගැනුණු බව සදහන් වනවා.

නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පසුව පොලිසියට භාර දුන් අතර මෙම නෞකාවේ ගිනි අවි 816ක් සහ උණ්ඩ ලක්ෂ 2කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවයි නාවික හමුදාව මීට පෙර පොලිසියට කළ පැමිණිල්ලක සදහන් වූයේ.

Related posts

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

colombotoday

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

Admin

මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා.. අපි යලි ආණ්ඩු කරනවා

colombotoday