Colombo Today Local News

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

චීනය හඳුන්වාදුන් සිනොපාර්ම් කොරෝනා මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට චීන තානාපතිවරයා සමග සාකච්ඡා කර ගෙන යන බව ඖෂධ නිෂ්පාදන ,කැපවීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .

චීනයෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් මෙරටදි නිපදවීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.

කල් ඉකුත් වීමට ළඟ කොරෝනා එන්නත් තොගයක් චීනයෙන් ලංකාවට එවා ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව කී ජයසුමන මහතා එම එන්නත කල් ඉකුත් වීමට තව වසර දෙකක් තිබෙන බවද ප්‍රකාශ කරයි .

චීන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

Related posts

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

තිසරපට අස්සේ ජෙල් පැකට් : සිංහලයන් වඳ කරන අන්තවාදී වැඩක් – හෙළ උරුමය පොලිස්පතිට ලියයි

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday