Colombo Today Local News

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ ජීප් රථයේ 2016 වර්ෂයේදී තරුණයකු ගැටුණු අවස්ථාවේදී එම රථය පදවන ලද්දේ තමා නොවන බව හිටපු ඇමැතිවරයාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශ කර ඇතැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.මේ බව අනාවරණය වූයේ අදාළ අනතුර පිළිබඳ විමර්ශනයකට අදාළව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (24 වැනිදා) අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීය.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක භාවිත කළ ජීප් රියක 2016 වර්ෂයේදී තරුණයකු ගැටීම හා ඔහු බරපතළ අනතුරකට ලක් කිරීම පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළ නඩුව ඊයේ (24 වැනිදා) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවුණු අතර එහිදී වැඩිදුරටත් අනාවරණය කෙරුණේ දිලුම් තුසිත කුමාර නමැති අදාළ රියැදුරාට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලිසියට පැමිණ අනතුරේ වගකීම භාරගෙන භාරවී ඇති බවයි.

හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ තවත් රියැදුරෙකු වන අල්විස් නමැත්තා විසින් අදාළ අනතුරට ලක්වූ ජීප් රථය දිලුම් තුසිත කුමාරට ගෙනැවිත් භාරදී, බියට පත් නොවී පොලිසියට ඉදිරිපත් වන ලෙස පවසා ඇතැයිද අධිකරණයේදී ප්‍රකාශ විය. එසේම වැඩි කල් නොගොස් දිලුම් තුසිත කුමාරව නිදහස් කර ගැනීමට කටයුතු කරන බවද අල්විස් නමැත්තා දැනුම් දී ඇතැයිද මෙහිදී පවසා තිබේ.

මෙම නඩුවේ දෙවැනි සැකකරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා 2016 වර්ෂයේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් යළිත් වරක් අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අනුව අධිකරණය ඊට අවස්ථාවක් ලබාදුන් අතර සැකකරු පසුගිය ජනවාරි 22 වැනිදා අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී අදාළ ප්‍රකාශය සිදුකළේය. මේ අතර මෙම රිය අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයන්ටද අදාළ සැකකරු දෙවැනි වරට ප්‍රකාශයක් ලබාදී ඇත.

දිලුම් තුසිත කුමාරට ලැබුණු උපදෙස් මත ඔහු රිය අනතුරින් අනතුරුව කටයුතු කර ඇති බවත්, අල්විස් නමැත්තා පොරොන්දු වූ ආකාරයට සැකකරුට යම් සහනයක් ලැබෙන සේ පොලිසිය කටයුතු කර ඇති බවත්, සැකකරුගේ දෙවැනි ප්‍රකාශය ඔස්සේ පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අධිකරණ වාර්තාකරු

Related posts

සුදු වෑන් නැතිව පාතාලය මර්ධනය කරනවා – පොලිස්පති

colombotoday

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැන අගමැතිගේ අවධානය

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin

පොඩි ළමයි බඩුමුට්ටු පොඩි පට්ටම් කරගත්තාට කලබල නොවිය යුතු නෑ. | විමල්ගෙන් සාගර කාරියවසම් ට ප්‍රතිචාර

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin