Colombo Today Local News

ජේෂ්ඨයන් කපා දමා සිය බිරිඳව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කරන්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දැඩි උත්සාහයක

වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.පි.ටි.කේ. ඒකනායක මහතාගේ බිරිඳ වන වයි.එම්.එම්.එස් යාපා මහත්මිය ජෙෂ්ඨත්වය නොසලකා පත්කිරීම සඳහා දැඩි උත්සාහයක නියෙලෙමින් තිබෙන බව වාර්තා වනවා.

ජේෂ්ඨ නිලධාරීන් කපා හැර කෙසේ හෝ තම බිරිඳට මෙම උසස්වීම ලබා දීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.පි.ටි.කේ. ඒකනායක මහතා කටයුතු කරමින් සිටින බවට පළාතේ අධ්‍යාපන බලධාරීන් අතර කතා බහක් ඇතිවී ඇත.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස වසර 8ක සේවා කාලය තුල ඒකනායක මහතා පෙන්වා ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙන් අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී මධ්‍යම පළාත අනෙකුත් පළාත් 9 අතරින් 9 වන ස්ථානයට පත්ව තිබේ. එවන් අවස්ථාවක සුදුසුකම් සපුරා ඇති තවත් බොහොමයක් නිලධාරීන් සිටියදී වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස තම බිරිඳව පත්කර ගැනීම සඳහා උත්සහ දැරීම ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ගේද විරෝධයට හේතු වී ඇත.

Related posts

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

ඇඳිරිනීතිය පැනවීමේ තීන්දුවක් ගන්නේ අත්‍යාවශ්‍යම තත්වයක් ඇතිවුවහොත් පමණයි

colombotoday

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්නේ ඇමතිලා පත් කිරීමෙන් පසුවයි

Admin