මාලී රාජ්‍යයේ බමාකෝ අගනුවර හෝටලයකට කඩා වැදුණු ජාහාඩ් ත්රස්තයන් දෙදෙනෙකු එහි සිටි 170ක් පමණ දෙනා ප්‍රාණ ඇපයට ගනී. ඒ අනුව ආගන්තුකයින් 140ක සහ කාර්ය මණ්ඩලය 40කගේ ජීවිත අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලී පොලීසිය මේ වන විටත් එම හෝටලය වටලා ඇති අතර තුවක්කු කරුවන් වෙඩි තබමින් සිටින බව වාර්තා වේ.
කුවක්කු කරුවන් දෙදෙනා වෙඩි තබමින් “අල්ලාහ් අක්බර්, අල්ලාහ් අක්බර්” යැයි අරාබි භාෂාවෙන් කෑ ගසමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.