Colombo Today Local News

මාබෝලේ ඉස්මත් පීසිආර් පරීක්ෂණයට නොයෙන ලෙස ජනතාවට බලකරන බවට බොදු බල සේනා සංවිධානයට පැමිණිල්ලක්.

අද (18) දින මාබෝල දුව වත්ත ප්‍රදේශයේ පීසිආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණු බවත් අදාළ පරීක්ෂණයට නොයන ලෙස එම ප්‍රදේශයේ පිරිසක් මහජනයාට බලපෑම් කරමින් සිටින බවටත් බොදු බල සේනා සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන බව එම සංවිධානය පවසයි.

ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය අසල සිල්ලර කඩයක් පවත්වාගෙන යන ඉස්මත් නැමැත්තා මෙම ක්‍රියාව සිදුකරමින් සිටින බවට ප්‍රදේශයේ සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාව එම පැමිණිල්ල තම සංවිධානයට ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියහ.

මීට ඉහතදී බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන්ද මෙවැනි තත්වයක් වාර්තා විය.

Related posts

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

Admin

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

එන්නත් ලබා දෙනකොට පොට වරද්ද ගන්න එපා.. අපිවගේ දේශපාලඥයින්ට අන්තිමට ලැබුණාට කමක් නැහැ.

colombotoday

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday