Colombo Today Local News

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ පිළිස්සීම ද නැත්නම් වැළලීමද යන ප්‍රශ්නය මත වහබ්වාදී කල්ලි දරුණු ආකාරයට සමාජයට කිදා බසින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (10) කොළඹදී පවතී මාධ්‍ය හමුවකදීය.

එහෙයින් ආගමික බලපෑම්වලටයට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව ජනතාවට පවසන ලෙසයි ඥානසාර හිමියන් අවධාරණය කළේ.

”කරුණාකරලා ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය හරියට කියන්න. මේක හරියට පහදලා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් කියන්න. සිංහල තේරෙන්නේ නැහැ කිව්වොත් දෙමළෙන් කියන්න. එක්කෝ මේක ආගමික රාජ්‍යයක් වෙන්න ඕනේ එක්කෝ මේක හමුදා රාජ්‍යයක් වෙන්න ඕනේ. මේ ඔක්කොම පටලගෙන මිනිස්සු යම් ටෙන්ෂන් එකක ඉන්නේ දැන්. අපි අපේ අයිතිවසිකමත් ඉල්ලලා, පාංශුකූලය දෙන්න ඕන කිව්වොත් කොච්චර අපහසුතාවට පත්වෙයිද? අපි එතනට යන්නේ නැහැ. රජය තීන්දුවක් ගත්තනම් එක හරියට මිනිස්සුන්ට ගෙනයන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් නැහැ.”

අවසානයේ සිදුවන්නේ මෙම මරණ පාදක කරගෙන වහබ්වාදී මතවාදය පෝෂණය වීම වන අතර කිසිලෙසකින් හෝ රට තුළ ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමට ඉඩ දීමට වත්මන් ආණඩුවට හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ වන විට මේ මරණ පිළිස්සීම ගැන මුස්‌ලිම සමාජය තුළ අන්තර්ජාලය හරහා සංවාදයක් යන බවත් මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණේ අන්තර්ජාලය හරහා බවත් ඥානසාර හිමියෝ කියාසිටියහ.

”අපි කවදාවත් ආගමික අයිතීන් උදුරගන්න ගිහින් නැහැ. නමුත් වසංගත තත්ත්වයක නීතිය හැමෝටම පොදුයි. ජාතිය ආගම,ලස්සන අවලස්සන,උගත් නූගත්,ගිහි පැවිදි බලලා කොරෝනා හැදෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මේ වසංගතය හැදෙන්න පුළුවන්. ඒ නිසා මුස්ලිම් අයට එක නීතියක්,තව කොටසකට තව නීතියක් වෙන්න බැහැ. පහුගිය දවස්වල මම කුරාණයේ, හදීස්වල මේ වැළලීම ගැන ආගමික පාඨයක් තිබෙනවද කියල හොයල බැලුවා. එහෙම දෙයක් නැහැ. මේවා සම්මතවාද. හදාගත්ත දේවල්. ඒ නිසා හදාගත්ත දේවල්වලින් ආගමික ගැටුම් ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි මේ වෙලාවේ.”

ආණ්ඩුව එය බරපතල ලෙස ගත යුතු අතර එක දශමයකින් හෝ මුස්ලිම් අන්තවාදය වැඩෙන්න ඉඩහැරීමට අවස්ථාවක් නොමැති බවයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ.

ආණ්ඩුව බලයට පැමිණියේම මුස්ලිම් අන්තවාදය අතුගා දමන බවට පොරොන්දුවෙමින් වුවත් තවමත් එය වළක්වා ගැනීමට හැකි වී නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

එහෙයින් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන අන්දමට කොරෝනා නිසා මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහ වළදැමීමට ජනාධිපතිවරයා ඉඩ දී තිබෙනවාද? අගමැතිවරයා අවසරය දී තිබෙනවාද? අබ්දුල් රාසික් මේ කියන්නේ ඇත්තද යන්න පැහැදිලි කර දිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

”අපි අහනවා අබ්දුල් රාසික්ව පෝෂණය කරන්නේ තමුන්නාන්සේලාද කියල. අපි අහනවා මේක ඇමරිකන් වුවමනාවක්ද කියල.” යනුවෙන් ඥානසාර හිමියන් වඩිදුරටත් සඳහන් කරන ලදී.

Related posts

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday

අපි ඉපදුන කාලයේ ජපානය එක්ක හිටියේ. අද අපි ඉන්නේ ඇෆ්ගනිස්ථානය එක්ක. – රනිල් වික්‍රමසිංහ

colombotoday

වතු නිවාස පේළියක ගින්නක්.. නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශයට

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

colombotoday