Colombo Today Local News

Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල මගින් ඔහු කියා සිටින්නේ තමන් විසින් 2019/03/14 වන දින මැලේසියා සංචාරයක් සංවිධානය කිරිම සඳහා අදාල සමාගමට මුදල් ලබා දුන් බවත් එහෙත් සමාගම නිසි උද්යෝගයෙන් කටයුතු නොකිරිම නිසා මැලේසියානු වීසා නියමිත කාලයට තමන් ඇතුලු පිරිසට නොලබුනු බවත්ය.

අත්දැකීම් අඩු සේවක පිරිසක් විසින් තමන් වරින්වර රස්තියාදු කල බවත් තමන්ගේ සියලු මුදල් ගෙන නියමිත සේවය සැපයීමට ඔවුන් අසමත් වන්නේ තමන්ගේ මුදල් වෙනත් ස්ථානවල ආයෝජනය කර ඇති නිසා බවයි විතානගේ මහතා සඳහන් කර සිටින්නේ. ඒ අනුව Blue ocean සමාගම් ජාලය කෙරෙහි පාරිභෝගිකයාගේ ඇති විශ්වාසය කඩවී ඇති බව ඔහු තව සදහන් කරයි.

ජනතාවගේ මුදල් ආයෝජන ලෙස භාරගනු ලබන මෙවැනි සමාගම් කෙරෙහි රජයේ අවධානය තව දුරටත් යොමු විය යුතු බවත් එසේ නොවුනහොත් තවත් සක්විතිලා බිහිවීමට ඉඩ ඇති බවත් ඔහු Colombo Today වෙත පැවසීය.

Blue ocean සමාගම් ජාලයේ සභාපතිවරයා වන්නේ සිවරාජා තුමිලන් නැමැති සුපකට ව්‍යාපාරිකයායි.

Related posts

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

colombotoday

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday