BusinessColombo Today Local News

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

Allianz Insurance සමාගම විසින් රක්ෂණ වන්දි නොගෙවීම පිළිබඳව රට වටෙන්ම පොලීසිවලට පැමිණිලි ලැබෙමින් පවතින බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියේ මෙම සමාගම පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගෙන ඒ පාරිභෝගිකයාට වන්දි ගෙවන්නේ නැති තත්වයකට පත්වී ඇති බවත් තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න යන පරිභෝගිකයන් නඩුවලට පටලවමින් සිටින බවත් පැවසීය.

පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට මාසයක කාලයක් ලබා දෙන බවත් එසේ නොකර පාරිභෝගිකයන්ට අසාධාරණයක් කර අධික ලාභ ලබන්න කටයුතු කරන්නේනම් ප්‍රභලව පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිට ව්‍යාපාරය අඩපන කරවන තත්වයට මෙම සටන රැගෙන යන බව විතානගේ මහතා අවධාරණය කර සිටියේය.

මේ රටට අවශ්‍ය වන්නේ සාධාරණ ලෙස ක්‍රියා කරන රක්ෂණ සමාගම් බවත් ඒ මහතා සඳහන් කරන ලදි.

Related posts

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday

අපේ කරුම නායකත්වය ගැන ලැජ්ජයි !

colombotoday

“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පික

colombotoday

නවසීලන්තයේ භූකම්පනයක්

Admin

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday