Colombo Today Local News

විවාහ, දික්කසාද නීති වෙනස් කිරීම සඳහා කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට බාරදෙනු ලැබීය .

අධිකරණ ඇමතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ නිදහසින් පසු මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් නොවූ සාමාන්‍ය විවාහ දික්කසාද නීතිය යාවත්කාලීන කිරීම සඳහාය .

වසර සිය ගණනක් තිස්සේ මෙම නීතිය යාවත්කාලීන නොවීම නිසා පොදු ජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන්හ .

ජනාධිපතිනිය නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවෙහි කැඳවුම්කාරිනිය ලෙස නීතිඥ මෝක්ෂණි ජයමාන්න මහත්මිය කටයුතු කරන්නීය .

මෙම කමිටුවට තවත් සාමාජිකය දොළොස් දෙනෙක් ඇතුළත් වෙති. මෙරට වෛවාහක නීතියට අදාළ වූ කරුණු හා දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට භාජනය කළ යුතුයැයි මෙම කමිටු වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි .

Related posts

පෙට්‍රල් රු 3කින් ඩිසල් රුපියලකින් ඉහලට

colombotoday

මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවත හුදකලා කරයි

colombotoday

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday

කොරතොටදී වෙඩි තබා පලායාමක්

Admin

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

colombotoday

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin