Colombo Today Local News

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

දේශප්‍රේමය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සැබෑවටම රටට ආදරය කරන්නේනම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වන ලෙසට තමන් අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජනාධිපතිවරණයට ඉල්ලූවත් නැතත් සැබෑ ශ‍්‍රි ලාංකිකයකු නම් එතුමන් එම තීරණය ගත යුතු බවත් බොරු දේශපේ‍්‍රමයක් හදාගෙන දේශපාලනය කරන්නන් ගැන රටේ ජනතාව මෙයට වඩා දැනුම්වත් විය යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.

‘‘අපේ රටේ ජනාධිපතිවරයා තවත් හිට්ලර් කෙනෙක් විය යුතුයි වැනි ආන්දෝලනාත්මක කාරණා පසුගිය දිනවල මාධ්‍ය මගින් පළවුණා.

ඕස්ටි‍්‍රයාවේ ඉපදිලා ජර්මනියේ තමයි හිට්ලර් පාලනය කළේ. හිට්ලර් මරණයට පත්වූ බංකරය මත ගසක් සිටුවා තිබෙනවා. එහෙම නැතුව ඔහු සිහිකරන්න වෙනත් කිසිදු සලකුණක් හෝ උත්සවයක් නැහැ. ජ්ර්මනියත් හිට්ලර්ගේ පාලනය ප‍්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී තිබෙනවා. හිට්ලර්ගේ ක‍්‍රමවේදය තුරන් කරන්න එම ක‍්‍රමවේදයට එරෙහිව ජනතාව පෙලගස්සන්න ජර්මනිය අද ලෝකයටම මුදල් දෙනවා.

ඔස්ටි‍්‍රයාවේ පිහිටි හිට්ලර්ගේ මුල් නිවස අසල සිටින අසල්වාසින්වත් කැමති නැහැ හිට්ලර් තමන්ගේ අසල්වාසියකු යැයි පවසන්න. එම නිවස ඉදිරිපිට සමරු පලකයකින් පවා ඔහුගේ මෙම ක‍්‍රමයට එරෙහිව කරුණු දක්වා තිබෙනවා. ඒ විදියට ඕස්ටි‍්‍රයාව සහ ජර්මනිය මෙම පාලනය හෙලා දැකළා තමයි කටයුතු කරන්නේ.

එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාමාර්ග වලට යොමුවන්න අපේ රට වගේ ප‍්‍රජාතන්තවාදි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රටක් කල්පනා කරන්න හොඳ නැහැ. ඒ ගැන ප‍්‍රකාශවීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.

Related posts

වසර පහාමාරකට පසු ලසන්ත වික්‍රමතුංග අද ගොඩ ගනී

colombotoday

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday