Colombo Today Local News

රියදුරු පුහුණු පාසලක ප්‍රධාන පුහුණුකරු රුහුණු කුමාරිගේ අනී

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ කැපූ ඇළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රියදුරු පුහුණු පාසලකට අයත් වෑන් රථයක් දුම්රියක ගැටී එම රියදුරු පුහුණු පාසලේ ප්‍රධාන රිය පුහුණුකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රියේ මේ වෑන් රථය ගැටී තිබේ.

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ පදිංචි අයකු බවත් ඔහු සිය නිවසේ සිට අම්බලන්ගොඩ බලා යමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

මේ අනතුරින් වෑන් රථයට දැඩි අලාභහානි සිදුවී ඇත.

ආධුනිකයින්ට රිය පුහුණුව ලබාදෙන රියදුරු පුහුණු පාසලක ප්‍රධාන රිය පුහුණුකරු මෙසේ අනාරක්ෂිත ලෙස රිය ධාවනයේ යෙදීම ඉතාම කණගාටුදායක බවද අපරීක්ෂාකාරී රිය ධාවනයේ යෙදීම සම්බන්ධයෙන් මේ රියදුරු පුහුණු පාසලේ ප්‍රධානියා මෙන්ම එහි ප්‍රධාන රිය පුහුණුකරුවූ තැනැත්තාට එරෙහිව නීතිමය කටයුතු කරන බවද පොලීසිය කියයි.

Related posts

යළි දැනුම් දෙනතුරු කොළඹ – චෙන්නායි ගුවන් ගමන් නෑ

colombotoday

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති කුණු කූඩයට දමයි

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් හමුවෙයි

Admin