Colombo Today Local News

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව කටුනායක සහ මීරිගම ප්‍රදේශවල වසා දමා ඇති කර්මාන්ත ශාලා ගොඩනැගිලි දෙකක් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා ලබාගැනීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

මීට අමතරව ගම්පහ, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ද වසා දමා ඇති කර්මාන්තශාලාවක ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට නියමිතය.

කොරෝනා තත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ද ප්‍රසන්න රණතුංග මහතා කියයි.

වසා දමා ඇති කර්මාන්තශාලා තුන තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාව අතර කළ ඉල්ලීමක් අනුව දුරකතනයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානීන් අමතා ඒවා ලබාගත් බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related posts

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

විනාශ කල බුවනෙකබා රාජසභා මණ්ඩපයට ඇතුළුවීම තහනම්. අධිකරණයෙන් නීතිපති නියෝගයක් ගනියි.

colombotoday

‘මාව විකටයෙක් කරලා’ ෂැඩෝ කැබිනට්ටුව නිසා හිටපු ජනපති සිත් තැවුලෙන් !

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

බහුතරය තිබෙන පැත්තට අපේ සහාය දෙනවා – ඊපීඩීපී

colombotoday

ජනපති හදිසියේ ම සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday