Colombo Today Local News

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

කොවිඩ් නව වෛරස පැතිර යාමේ අවදානම හමුවේ රාත්‍රී දුම්රියේ තැපැල් මැදිරි (ජංගම තැපැල් කාර්යාල) නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පවසයි.

ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියේ තැපැල් මැදිරිය, යාපනය දක්වා ධාවනය වන දුම්රියේ තැපැල් මැදිරිය, මහනුවර දක්වා ධාවනය වන දුම්රියේ තැපැල් මැදිරිය, සහ ගාල්ල දක්වා ධාවනය වන දුම්රියේ තැපැල් මැදිරිය සහ එම නගරවල සිට කොළඹ දක්වා ධාවන වන තැපැල් දුම්රිය හතරේ තැපැල් මැදිරි ද නැවත දැනුම් දෙන තුරු අතිහිටවූ බව ද රණසිංහ මහතා කියයි.

එම ජංගම මැදිරි වෙනුවට ධාරිතාව අනුව වෑන් හෝ ලොරි රථ යොදා ගනිමින් තැපැල් මලු ගෙනයාම සිදු කිරීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර කෝවිඩ් 19 වැළඳුණු සේවකයන් හා නිලධාරීන් හේතුවෙන් කළුතර කෙසෙල්වත්ත ප්‍රධාන තැපැල් කාර්යාලය හා ගොරකාන, රෙමුණ,බොලස්සගම, වෙට්ටුමකඩ හන්දිය, පල්ලේබැද්ද, මහකළුගල්ල, කුමාරගම, බලශක්තිපුර, දෙහිගහලන්ද, රඹුක්වැල්ල යටිමාදුර, බතීගම, මෙනරාගල කච්චේරිය යන උපතැපැල් කාර්යල 13ක් වසා දමා ඇති බව නියෝජ්‍ය තැපැල්පතිවරයා කියයි

කෙසෙල්වත්ත තැපැල් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු කළුතර ප්‍රධාන තැපැල් කර්යාලයෙන්ද අනෙක් තැපැල් කාර්යාලවල මෙහෙයුම් කටයුතු ඒ ඒ කාර්යාලවලට අදාල ප්‍රධාන තැපැල් කාර්යාලවලින් ද සිදු කරන බව ඔහු සඳහන් කරයි.

Related posts

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday