Colombo Today Local News

බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කරන්න වශියක් කරලා.. – කට්ටඩියාව පිහියෙන් ඇන මරා දමලා

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරුවෙක් පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ (11)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල පොලිස් බල ප‍්‍රදේශයේ සන්නස්ගම පාළුගම්පොළ ප‍්‍රදේශයේ මෙම කට්ටඩියා පදිංචි නිවසේදී ඔහුට පිහියෙන් ඇන තිබෙන බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත විද්‍යා කටයුතු සහ කට්ටඩියෙකු ලෙස කටයුතු කරගෙන ගිය අයකු බව පොලිසිය පවසයි.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලද එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීම සඳහා මියගිය පුද්ගලයා ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කළේ යැයි සැකයෙන් ඔහුගේ මරණය සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද පාර්ලිමේන්තුවට

colombotoday

ගල් අගුරු මාෆියාව මිලියන 4000 ක් ගිල්ල හැටි හෙළිවෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන්ට ඇප

Admin

රනිල් හැර වෙනත් අයෙක් අගමැති කරන්නෑ – එජාපය ද්‍රවිඩ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි…

colombotoday