Colombo Today Local News

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

gfgrrrrරුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව විදේශ ගමන් බලපත්‍ර පහක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ඊයේ පැවසීය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මුස්තාපා නමැති මෙම පුද්ගලයා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවත් ඔහු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ පෞද්ගලික සහායකයකු බවට එම අමාත්‍යාංශය දැනුම්දුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

ඊයේ හවස මාධ්‍ය හමුවක් කැදවමින් අබ්දුල් හලීම් ඇමතිවරයා පවසා සිටියේ අදාල පුද්ගලයා තම ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකළ බවත් ඔහු කවුරුන්දැයි නොදන්නා බවත්ය.

සැකකරු විදේශ ගමන් බලපත්‍ර පහක් යොදාගෙන මෙලෙස දීර්ගකාලයක් පුරාවට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර අදාල සැකකරුට රුපියල් ලක්ෂ රේගු දඩ නිමය කළ බවත් ඊයේ පස්වරුව වන තුරුම එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

විමල්ගේ අයියා FCID අත්අඩංගුවට ගනී

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

ඒකාබද්ධයෙන් 4ක් ආණ්ඩුවට.. එන අය ගැන ඉගියක් හැරිසන්ගෙන්

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

colombotoday