Colombo Today Local News

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැගවූ හැටි අධිකරණයේදී හෙළිවේ

ස්වර්ණමහල් ජුවෙලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන එකම පවුලේ සිවුදෙනා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි ගණනක මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව නීතිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබේ.

2012 වසර වන විට ස්වර්ණමහල් ආයතනය රුපියල් කෝටි 720ක මහජන තැන්පතු මුදල් භාරගෙන තිබෙන නමුත් මහ බැංකුවට හෙළි නොකළ තවත් ගිණුම් රැසක් සැකකරුවන් පවත්වාගෙන ගොස් ඇති හෙයින්, අදාළ මුදල කෝටි ගණනින් ඉහළ යා හැකි බවද නීතිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබේ.

එම මුදල් ප්‍රමාණය නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා විගණනයක් සිදු කර ගැනීම සඳහා විගණනයක් සිදු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත දැනුම් දුන්නාය.

මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය මහජනයාගෙන් නීතිවිරෝධී ලෙස තැන්පතු මුදල් ලබාගෙන, එලෙස උපයන ලද කළු සල්ලි සැඟවූ ආකාරය හෙළිදරව් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේදී දීර්ඝ කරුණු දැක්වීමක් කර තිබිණි.

Related posts

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

තලවාකැලේ – ලිඳුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

අද එන්නත්කරණය මධ්‍යස්ථාන 300 කදී.. | ලැයිස්තුව මෙන්න

colombotoday

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday