Colombo Today Local News

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අවශ්‍ය විදිහට ජිවත් වීමට සෞදියට යාමට සිදුවන නමුත් එවැනි රටවල වුවද එලෙස වාචාල ලෙස කතා කළ හොත් දිව කපා දමනු ඇති බව සමඟි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන ලදි.

ඕනෑම රටක නීතියක් සහ විනයක් පවතින අතර අසාද් සාලි වැනි අයට සිදුවන්නේ කැළයට යාමට බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම සාකච්ජාවට සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද සහභාගී වුණා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කර තිබෙනවා. පැරණි ක්‍රමයට ජන්දය පවත්වනවා නම් ඉදිරි මාස තුනක කාලයක් තුළ මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළ බව තිස්ස අත්තනායක මහතා මෙන්ම සරත් ෆොන්සේකා මහතාද පැවසුවා. පැරණි ක්‍රමයට ජන්දය පවත්වන්නේ නම් කළ යුතුව ඇත්තේ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගැනීම වන අතර එවිට පැරණි ක්‍රමයට අනුව මාස තුනක් තුළ ජන්දය පැවැත්විය හැකි බව තිස්ස අත්තනායක මහතා කියා සිටියා.

පළාත් සභා මැතිවරණය අවශ්‍ය නොවේ නම් එය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක් වන අතර පළාත් සභා සම්බන්ධයෙන් යාවත් කාලීන කිරීමක් හැර අහෝසි කිරීම ගැන එකඟ නොවන බවද මෙහිදී අත්තනායක මහතා පැවසුවා. සංශෝධන කරන්නේ නම් පනතක පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු අතර තුනෙන් දෙකක බලයෙන් එය සම්මත කරගත යුතුව ඇති බවත් එලෙස වුවහොත් මැතිවරණය කැඳවීම ජූලි අගෝස්තු මාසය දක්වා කල් යා හැකි බව මැතිවරණ කොමිසම විසින් පැවසූ බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා. මෙහිදී මන්ත්‍රීවරු දෙදෙනා සීනි බදු වංචාව ගැනද අදහස් දැක්විය. සරත් ෆොන්සේකා මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්බන්ධයෙන්ද අදහස් පළකළා.

Related posts

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

ආණ්ඩුව පෙරළන්න එන අයගේ ෆයිල් ටික ඇතුළේ හැදෙනවා

Admin

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

colombotoday

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

ඉන්දන මිල යලි සංශෝධනයක

Admin