Colombo Today Local News

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගි වී තිබේ.

ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ. ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි. දැනට අධික ලෙස ඉහළ​ ගොස් ඇති දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සාකච්ඡාවේදී පැමිණි මෙම එකඟතාවට අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා වාහන ආනයනකරුවන්ගේ වැඩිදුර යෝජනා ලබාගැනීම වෙනුවෙන් සති 02ක කාලයක් රජය විසින් ලබාදී ඇත.

Related posts

පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි කිසිවකු අසමත් නෑ… දෙමාපියන්ට, ගුරුවරුන්ට සිතන්නට යමක්…..

colombotoday

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin