Colombo Today Local News

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන මිදිගම චින්තක නොහොත් හරක් කටාගෙ ප්‍රධාන ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ (23)දින රාත්‍රීයේ අහංගම,රිදීගම නැගෙනහිර,දම්මල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.

සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන සැකකරුට අවි ආයුධ ලබා දුන් පුද්ගලයා ද සිටින බව පොලීසිය කියයි.

එම සැකකරු සමඟ මිලිමීටර් 0.22 උණ්ඩ යොදන කළු පැහැති පෑන් පිස්තෝලයක්,ටී 56 මැගසින්1 ක්,ටී 56 ජීව උණ්ඩ 22 ක් ,ටී 56 බයිනෙත්තුවක් හා කඩු 3 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලිසිය වෙත භාර දී තිබේ.

Related posts

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?

colombotoday

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

colombotoday