Colombo Today Local News

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දී තිබේ.

එම ලිපියට විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අත්සන් කර ඇත. ලිපිය පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දුන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

එම හමුව සඳහා වේලාව අද (23) දින පෙරවරුවේ ලැබෙනු ඇතැයි එම මන්ත්‍රීවරුන් විශ්වාසය පළ කරති.

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කිරීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට බල කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත.

Related posts

මෝදර ඩිලාසල් වත්තේ පාතාල ගැටුමක්. අද පාන්දර වෙඩි තබා කපා කොටා දමලා.

colombotoday

වසාදැමුණු මෙල්බන් නුවර හෙට සිට යළි විවෘතයි

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin