World

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් (හයිබ්‍රිඩ්) කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හමුව තිබේ.

එක්සත් රාජධානියෙන් පළමුවරට හමුවූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය සහ කැලිෆෝනියාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක් වී මෙම මාරාන්තික නව කොවිඩ් වෛරසය සෑදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතෙක් සොයාගත් අතිශයින්ම භයානක මාරාන්තික වෛරස ප්‍රභේදය මෙය වන අතර වෛරස මාදිලි දෙකක් එක් වී තැනුණ තනි කොවිඩ් වෛරසයක් සොයාගත් මුල්ම අවස්ථාවද මෙයයි.

වෛරස ප්‍රභේද ද්විත්වයේ ජාන එකිනෙක මිශ්‍රවීමෙන් මෙසේ නව දෙමුහුන් ප්‍රභේදය හටගෙන ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.

මෙම නව ප්‍රභේදයේ විශේෂත්වය වනුයේ වඩාත් වේගයෙන් ව්‍යාප්තවීමට ඇති හැකියාවයි.

කැලිෆෝනියාවේ වෛරස ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකින් මෙම වෛරස ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර එම වෛරසය එන්නත් සඳහා ද අඩු ප්‍රතිචාර දක්වන බව විශේඥයින් පවසයි.

වෛරසය මෙතෙක් සමාජය තුල පැතිර ගොස් නොමැති බවට විද්‍යාඥයන් විශ්වාස කරන අතර එම වෛරසය යම් හෙයකින් පැතිර ගිය හොත් වඩාත් අසීරු තත්වයකට ලෝකයට මුහුණ දීමට සිදු වන බවට විද්‍යාඥයන් අන්තුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

චීන තානාපති ඉල්ලක කර ගත් පාකිස්තානයේ සුඛෝපභෝගී හෝටලයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday