Colombo Today Local News

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

ප්ලාස්ටික් නියාමනයට අදාළව අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව,

යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.

තවද යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

1.ශුද්ධ පරිමාව මි-ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිතා කිරීම සඳහා හැර)

2.හුළං වලින් පිරවිය හැකි සෙල්ලම් බඩු – (බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)

3. ප්ලාස්ටික් කූර (Stem) සහිත කොට්න් බඩ්ස් (Cotton Buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර) පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.

Related posts

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල සියයට සියයකින් වැඩිකෙරේ

Admin

එජාපයේ මන්ත්‍රීන් 200ක් ඉවතට

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමි

colombotoday

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin