Colombo Today Local News

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් රෝගියා මෙන්න

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් -19 ආසාදිතයාගේ ඡායාරූපයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.

මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (15)දින පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් තිබුණි.

මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

සැකකාර රෝගියා සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

Related posts

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

Admin