Colombo Today Local News

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා,

“අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවානම් ලෝකයේ වැඩිම වස කන්නේ ලංකාව. මෙතැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු සිටින නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වස විෂ දාන්න එපා කියන එක. පාර්ලිමේන්තුව ඔබ තුමාන්ලා අතේ තියෙන්නේ. වස විෂ දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල ආහාර නිෂ්පාදනය සඳහා යොදන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් යොදලා තමයි මේ ඉන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ ඉදලා අපේ තිබුණ ජාන ශක්තිය හින්දා මෙහෙම ඉන්වා මිසක් නැතිනම් මේ විදිහට වස කාල, පාංශු ජීවින් සියලුදෙනාම මරලා. “

Related posts

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන්නා. එම පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා යි. මුස්ලිම් දරුවන් දෙදෙනෙක් අධිකරණයේදී හෙළිකරයි

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක්

Admin

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday