Colombo Today Local News

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසළ දී ඉකුත් (25) වැනි දින ඉෂාන් තරිදු නැමැති 24 හැවිරිදි තරුණයකු කපා කොටා ඝාතනය කිරීම කිරීමේ සිද්ධිය කුමන්ත්‍රණය කළ බව කියන බටපොල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි ශක්ති මධුසංක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බටපොල එරනවිල,ඩොමී ජයවර්ධන මාවතේ පදිංචි මෙම මන්ත්‍රිවරයා පොලිසිය මගහරිමින් සිටි බවත් එහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් මීටියයාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අංක (0718591481) අංකයට හෝ (1997 ) දරණ විශේෂ දුරකතන අංකයට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම පුද්ගලයා මෙම ඝාතනය කුමන්ත්‍රණය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනය සදහා යොදාගත් බව කියන කඩුවක්, මන්නා පිහි දෙකක් ද සොයාගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

මෙය පුද්ගලික අමනාපයක් මත සිදුව ඇති බවට හෙළි වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

අභිරහස් ලෙස මිය ගිය ජපුර සරසවි සිසුවෙකුගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

Admin

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin

ආරක්ෂක හමුදාවට එරෙහි චන්ද්‍රිකාගේ අවලාදවලට එරෙහිව මහින්දගෙන් තදබල නිවේදනයක් !

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday