Colombo Today Local News

ස්වර්ණමහල් ෆයිනැන්ෂල් අධ්‍යක්ෂවරුන්ගෙන් අපේක්ෂිත ඇප පෙත්සම්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂල් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (21) දින කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම අපේක්ෂිත ඇප අයදුම්පත් අද (20)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන ලෙසය.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ විසින් අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සඳහන් කර සිටින්නේ තම සමාගමේ සිදු වූ බව කියන රුපියල් බිලියන 03ක් පමණ මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියමකරන ලෙස ඉල්ලමින් ඔවුන් අධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday

ලොකු ලූනු කිලෝවක් රුපියල් 700යි

Admin

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

චෙක්පත් සොරකම් කල දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday