Colombo Today Local News

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

‘‘ජෝශප් පරරාජසිංහම් කියන්​නේ කවුද කියලාවත් මම දන්නේ නැහැ. ඔහුව දැකලත් නැහැ. නොකළ වරදකට දවස් එක්දහස් දෙසිය හැට නවයක් මාව සිරගත කළේ දෙමළ ජාතික සන්ධානයේ වුවමනාව මත වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම නිසා’’ යැයි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පෙරේදා (13) වැනිදා පැවසීය.

ජොශප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට අදාළව විභාග වූ නඩුවෙන් පිල්ලෙයාන් ප්‍රමුඛ සිව්දෙනා මඩකලපුව මහාධිකරණය නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව මඩකලපුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පිල්ලෙයාන් මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පිල්ලෙයාන් මෙසේද කීය.

‘‘මඩකලපුව මහාධිකරණය මාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා. 2015දී බලයට පත් යහපාලන ආණ්ඩුව තමයි මාව හිරේට දැම්මේ. හිරගෙදර දුක් විඳගෙන දවස් එක්දහස් දෙසිය හැට නවයක් ගත කරන්න වුණා. මම මේ වින්දේ නොකළ චෝදනාවකට වූ දඬුවමක්. අහිංසක දේශපාලන ගමනක නිරත වූ මා දේශපාලන පළිගැනීමට ලක් කළා.

මම හිටපු මහ ඇමැතිවරයෙක් වගේම පළාත් සභා මන්ත්‍රීවරයෙක්. 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව තමන්ගේ අයට දුන්න ත්‍යාගයක් විදිහට තමයි මාව මේ ආකාරයෙන් නොකළ චෝදනාවකට සිරගත කළේ. දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමයි මේ පළිගැනීම සඳහා අත්සන් කරනු ලැබුවේ. ඉතිහාසය මාව නිදහස් කරයි කියන විශ්වාසය මට තිබුණා.​ ජෝශප් පරරාජසිංහම් සමගින් කිසිදු ආකාරයේ දේශපාලන විරසකයක් මට තිබුණේ නැහැ. ඔහු ඝාතනය වූ 2004 අවුරුද්දේ මම දේශපාලනයට එන්න හිතලාවත් නැහැ. මම දේශපාලනයට පිවිසියේ 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන්. දෙමළ දේශප්‍රේමීන් විදිහට රඟපාන මැජික් දේශපාලකයන්ට මගේ දේශපාලනය බලපෑමක් වුණා. මේ අය තමයි 2015 යහපාලනය ගේන්න මුල් වුණේ. ඔවුන්ගේ වුවමනාව මතයි මගෙන් මෙහෙම පළිගත්තේ.

2006-2007 අවුරුදුවල මිනීමැරුම් කීයක් නම් වුණාද? ජෝශප් පරරාජසිංහම් 2005 මැතිවරණයෙන් පරාජය වුණා. නමුත් ජයග්‍රහණය කරපු අය කොටි සංවිධානය විසින් ඝාතනය කරලා එයාලට ඕන අයව පත්කර ගත්තා. මේ වෙනකල්ම දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරලා ඝාතනයට ලක්වූ අය ගැන කිසිම සොයා බැලීමක් වෙන්​නෙ නැහැ. ඒ ගැන කතා කරන්නෙත් නැහැ. දෙමළ ජනතාව මේ වෙච්ච අසාධාරණය තේරුම් ගන්න ඕන. පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට රිමාන්ඩ් භාරයේ හිටපු මම, තුන් පාරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලුවත් ඇප ලබාදුන්නෙ නැහැ. නීති ක්ෂේත්‍රයේ ඇතැම් අය තම තනතුරු හා වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කළා. දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, එවක විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර වැනි අය මේ කාරණයේදී තදින්ම ඇඟිලි ගැසීම් කර තිබුණා. නීතිය තමන්ට ඕන විදිහට නවාගෙන දේශපාලන පළිගැනීම් කරපු එකම ආණ්ඩුව තමයි මේ යහපාලන ආණ්ඩුව’’ යැයිද කීය.

Related posts

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

රුධිර ගමනය අඩාලයි.. විමල්ගේ තත්ත්වය නරක අතට.. මහින්දත් හදිසියේ වැලිකඩ යයි

colombotoday

විග්නේෂ්වරන්ගේ රැස්වීමෙන් කොටි මූණ මතුවෙයි… කොටි ලාංඡනය සහිත ආරාධනා පත්‍රිකා බෙදයි…

colombotoday