Covid 19

කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියේය.

ඒ, ඊයේ තවත් කොරෝනා මරණ 8ක් තහවුරු වීමත් සමගිනි.

එම කොරෝනා මරණ සිදුවීමට හේතුව මෙලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් වේ.

52 හැවිරිදි වැලිකඩ බන්ධනාගාර රැඳවියෙකු මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙනි.

රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු, කොවිඩ් නිව්මෝනියාවත් සමග දියවැඩියාව උග්‍රවීමෙන් මියගොස් තිබුණි.

මිය ගිය පුද්ගලයින් අතර මට්ටක්කුලියේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු ද අයත් වේ.

කොවිඩ් නිව්මෝනියාව සහ අපස්මාරය හේතුවෙන් කොළඹ 12 පදිංචි කාන්තාවක් මියගොස් තිබුණේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීය.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු ද කොවිඩ් නිව්මෝනියාවෙන් මිය ගියේය.

මියගිය පිරිස අතරට බණ්ඩාරගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් ද ඇතුළත් වේ.

දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු ද මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙනි.

මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුගේ වයස අවුරුදු 57 කි.

ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568 කි.

ඒ සමගම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගියේ ය.

ඉන් 6626 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42,091 කි.

Related posts

තවත් තහවුරු කළ කොවිඩ් මරණ 94ක් | සමස්ත මරණ සංඛ්‍යාව 5,200 ඉක්මවයි

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday