Covid 19

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ජනවාරි පළමුවැනිදා සිට අටවැනිදා දක්වා පුද්ගලයන් පන්සීයකට අධික සංඛ්‍යාවක් ආශ්‍රය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය හඳුනාගෙන තිබේ.

රාජ්‍ය ඇමැතිවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනා​ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා (08 වැනිදා) දිනයේය. ජනවාරි මස පළමු වැනිදා රාජ්‍ය ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකටද එක්ව ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයටද රාජ්‍ය ඇමැතිවරයා ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශයට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරයාට කොවිඩ් වැලඳුණු ආකාරය මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති නව අවුරුදු උත්සව කිහිපයකටද, පාක්ෂිකයන් හමුවීමටද සහභාගි වී ඇති බව වාර්තා වෙයි. මෙම වසරේ කිසිදු පාර්ලිමේන්තු රැස්වීමකට රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වී නැත. මේ වන විට රාජ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාටද කොවිඩ් ආසාදනය වී ඇත. දයාසිරි රාජ්‍ය ඇමැතිවරයා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබයි.

Related posts

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

colombotoday

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday