Colombo Today Local News

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනයට සැකපිට සාමනේර හිමිනමගේ මාපියන් ඇතුළු 4ක් අල්ලයි..

හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.

ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.

ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි.

එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සාමකාමී වන්න.. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වේවි.

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday