27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28)දින පැවැත්වේ.

අද පස්වරු 6.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැහැදිළි කරන ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, “වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙනවා,” යනුවෙනි.

අදාළ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා ඊයේ (27)දින ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් සමගි ජනබලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනතා න්‍යාය පත්‍රයට අයත් නොවන්නක් බවය.

මධ්‍යම පළත් හිටපු මහා ඇමති සරත් ඒකනායක මහතා පැවසුවේ නව ක්‍රමවේදයකට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවය.

“මගේ පෞද්ගලික අදහස පළාත් සභාව සුදුසුයි. හැබැයි වෙනස්විය යුතු ගොඩක් දේවල් තියෙනවා. රුපියල් මිලියන 33,000ක් වැටුප් ගන්න කණ්ඩායමෙන් මිලියන 4000ක වැඩනම් කෙරෙන්නෙ ඒක වෙනස් වියයුතුයි,” යනුවෙන් ඔහු එහිදී පෙන්වා දුනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව යටතේ ඒ පිළිබඳ සමාලෝචනයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

එහිදී, “මේ කාරණාව අපේ අත්දැකීම් අනුව විමසා බැලිය යුතුයි,” යනුවෙන් මහාචාර්යය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

Related posts

ව්‍යාජ වීසා හැදූ බත්තරමුල්ලේ කත අත්අඩංගුවට

colombotoday

පල්ලියට කඩු ගෙනවිත් ඇත්තේ එජාප නාගරික මන්ත්‍රී තාජුඩීන්… මුජිබර් රහුමාන්ගේ සමීපතමයෙක්, අරමුදල් බුදු පිළිම කැඩූ මව්ලවිගේ පවුලෙන්…

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday