Colombo Today Local Newsextremism & terrorism activities

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

“සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට ගරු කරන ලෙසත් ඔවුන්ගේ මළවුන් භූමදාන කිරීමට ඉඩ දෙන ලෙසත්” ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටි බව අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ආදාහනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් අසාද් සාලි මේ බව පවසා ඇත.

සුළු ජාතීන්ගේ හැඟීම් රිදවීමට රජයට අවශ්‍යය වී ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරමින් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවටත් චෝදනා කර ඇත.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ආසාදිත මළසිරුරු භූමිදානය කළහොත් වෛරසය භූගත ජලයට එක්විය හැකි බවට භූ විද්‍යාඥයින් කරුණු දක්වන අතර ජලයට වෛරසය එක්වූ අවස්ථාවක් පිළිබඳව ඉක්වදෝරයෙන් ද වාර්තා වේ.

කොවිඩ් 19 වෛරස් ආසාදිත මින්ක් නමැති මුගටි මිලියන ගණනක් මරා වල දැමීමෙන් පසු වරසය ජලයට එක්වීමේ අවදානම හේතුවෙන් එම සිරුරු යලි ගොඩගෙන පුච්චා දැමීමට ඩෙන්මාර්ක් රජය පසුගිය දා තීරණය කරන ලදි.

Related posts

විරෝධතාවයක් උණුසුම්

Admin

සතොසටත් සුරා බලපත්

colombotoday

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin