Colombo Today Local News

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

කොවිඩ් 19 වෛරසය ආසාදනයවී යැයි රජයේ අධිනීතිඥයවරයා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු හදුනාගැනීමත් සමඟ වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමා මහධිකරණ විනිසුරුතුමා ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ කාර්යමණ්ඩල අද (16)දින පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකළ බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

පසුගිය (13) වැනිදා වවුනියාව රජයේ අධි නීතිඥයවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා හට කොවිඩ් – 19 වෛරසය අසාදනයවී හදුනාගැනීමත් සමඟ ප්‍රථමයෙන් ඊයේ (15)දින වවුනියාව මහධිකරණය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පසුව රජයේ අධිනීතිඥයවරයා හට සිදුකළ කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් 19 වෛරස ආසාදනයවී හදුනාගැනීමත් සමඟ දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණයද තාවකාලිකව වසාදැමීමට අධිකරණ කාර්යමණ්ඩල වෙත දැණුම්දී තිබේ.

රජයේ අධි නීතිඥයවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා හට කොවිඩ් වෛරසය ආසාදනයවූයේ කෙසේද යන්න නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයනොවූ බවද සෞඛ්‍ය අංශ පැවසීය.

වවුනියාව මහධිකරණ විනිසුරු , මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවන් දෙදෙනා ද ඊයේ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කල බවත් නීතිඥයවරුන් හා රාජකාරිය සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්වෙතද පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

වවුනියාව මහධිකරණය , දිසා සහ මහෙස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසාදමා තිබීම හේතුවෙන් එහි පැවැත්වෙන නඩුවිභාග කල්දැමීම පමණක් සිදුකෙරේ.

Related posts

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

Admin

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday