Colombo Today Local News

අටළුගම මොහොමඩ් අමීන්ගේ කෙලපහරින් PCR පරීක්ෂණ නවතියි. ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න ගිය නජීම් හාජි සමාව ඉල්ලයි.

බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් අටළුගම ප්‍රදේශයේ ඊයේ (3) සිදුකිරීමට නියමිතව තිබූ PCR පරීක්ෂණ කටයුතු තාවකාලිකව නැවත්වීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර සිටියා.

මේ පිළිබඳව අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පී.සී සේනාරත්න මහතා සඳහන් කර සිටියේ අදාළ සිද්දියට මුහුණ දුන් නිලධාරීන් දෙදෙනා මේ වනවිට නිරෝදායනයට යොමු කර සිටින බවත් එනිසා එම ප්‍රදේශයට සේවය කිරීම සඳහා PHI වරයෙක් නොමැති බවත් සඳහන් කර සිටියා. අටළුගම රාජකාරිවලින් තාවකාලිකව ඉවත්ව සිටින බවත් තවදුරටත් මෙවැනි සිද්දි සිදුවන්නේනම් දැඩි වෘතිය ක්‍රියාමාර්ගවල නියැලීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සිංහල ජාතිකයෙකු සමග විවාහ වූ අටළුගම කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කර ගල්ගැසීමට නායකත්වය දුන්නායැයි එම කාන්තාව විසින් චෝදනා කරන ලද අටළුගම පල්ලි සංගමයේ සභාපති මොහොමඩ් නජීම් මෙම සිදුවීම සම්බන්දයෙන් සෞඛ්‍ය අංශවලින් සමාව ඉල්ලා තිබෙනවා.

Related posts

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප මාර්තුවේ සිට කොටස් දෙකකට කැඩෙයි !!

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

ආගම්වලට නිගරු කළ ජෙරම් ට එරෙහිව පෙත්සමක්

Admin