Colombo Today Local News

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වසම් කිහිපයක් තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24)දින සිට සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න, සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිළධාරි වසම් දෙක සඳහා සංචරණ සීමා පනවා ඇති බවත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශය තුල සිටින කිසිවෙකුටත් ඉන් පිටවීමට හෝ පිට සිටින අයට සීමාවන් පනවා ඇති ප්‍රදේශයට ඇතුළු වීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන බවත් උසස් පොලිස් නිළධාරියෙකු කීය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුලින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලැබ තිබේ.

අකුරණ කොට්ඨාසයේ කොවිඩ් 19 ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහාය ඉතාම අත්‍යාවශ්‍ය බැවින් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව තම නිවෙස්වලින් පිට නොවී රැඳී සිට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය කිරිම මගින් ඉතා ඉක්මනින් මෙය පාලනය කර ගත හැකි වනු ඇති බවත් සීමාවන් පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

රන්ජන් ජනාධිපති කොමිෂන් සභාව හමුවට රැගෙන එයි

colombotoday

ඕස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි.. විදේශිකයන්ට මින් මතු ස්ථීර පදිංචියට අවසර නෑ !

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

“රටේ තීරණාත්මක තීන්දු ගන්න කොන්ද පණ ඇති නායකත්වයක් නෑ“ – ගෝඨාගෙන් සැර කතාවක්

colombotoday