Colombo Today Local News

තණමල්විල පුද්ගල ඝාතනයක්

තණමල්විල පොලිස් වසමේ ඌව කුඩාඔය ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ (22)දින රාත්‍රී 7.30ට පමණ එහිදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීමක් සිදුව ඇති අතර, 119 ලද තොරතුරක් මත තණමල්විල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව ජංගම සංචාර සඳහා යොදවා සිටි නිලධාරීන් විසින් තණමල්විල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෘත ශරීරය සම්බන්ධව මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (23)දින සිදුකිරීමට නියමිතය.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

colombotoday