World

විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරුට

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් රුසියාවේ යකුටියා කලාපයේ 7දෙනෙකු මියගොස් තිබේ.

රෝහල්ගත කළ තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී මත්පැන් වෙනුවට මෙම දියර පානය කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි. මියගිය අය අතර කාන්තාවක් ද සිටියි.

සාදයට ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පැවසේ.
එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

සිද්ධිය සම්බන්දව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

විෂබීජනාශක දියර පානය නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ.

ඩේලි මේල් ඇසුරිණි

Related posts

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

ඉතාලියේ භූ කම්පනයක්

Admin

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

කිම් ජොන් අන් අඩියක් පස්සට ගනී.. න්‍යාෂ්ඨික වැඩපොළක් වසා දමයි

colombotoday

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin