Colombo Today Local News

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

විල්පත්තු අභය භූමියට අයත් කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැය වන මුදල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ කමිටුවක් විසින් ද ඇස්තමේන්තු ගත කරන බව ඇමැති සී.බී. රත්නායක පැවසුවේය.

විල්පත්තු වන විනාශයට අදාළව නැවත පැළ සිටුවීම සඳහා යන වියදම ඇස්තමේන්තුගත කරන ලෙස අධිකරණය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පරිභාහිරව තවත් ඇස්තමේන්තුවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවසුවේය. හිටපු වන සංරක්ෂකවරුන්, පරිසරවේදීන් ආදී පරිසර ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිස් සම්බන්ධ කරගෙන කමිටුව පිහිටුවා අදාළ ඇස්තමේන්තුව සකස් කරන බවද ඇමැතිවරයා කීවේය.

විල්පත්තු වනාන්තරයේ හෙක්ටයාර් 2500 ත් 3000ත් අතර භුමි ප්‍රමාණයකට දැඩි හානි සිදු වී ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති. විල්පත්තු නඩු තීන්දුවට අදාළ නීතිමය තත්ත්වයන් තව දුරටත් අධ්‍යයනය කර, විල්පත්තුවේ පැළ සිටුවීම ගැන කඩිනමින් ඇස්තමේන්තුවක් සකස් කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, අක්කරයක භූමි ප්‍රදේශයක පැළ රෝපණය කර වසර පහක කාලයක් රැකබලා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් දළ වශයෙන් වැය වන බව වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ සඳහන් කරයි. ඒ අනුව ලක්ෂ 18750ක මුදලක් අඩුම වශයෙන් වැය වන බව සඳහන් වේ.

Related posts

පොලිස් ඇමති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

Admin

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

colombotoday

ගිනි කන්දක තාච්චියක් තබා සෙසේජස් බැදගෙන කන ජාතියක්

Admin