Colombo Today Local News

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නුවරඑළිය අධිකරණ සංකීර්ණයට පැමිණීම නිසා නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු 16 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර විනිසුරුවරුන්ගෙන් අද (04)දින ඉල්ලීමක් කළ බව නුවරඑළිය නීතිඥය සංගමයේ සභාපති නීතිඥ ගාමිණි සේනානායක මහතා පැවසීය.

නුවරඑළිය නීතිඥය සංගමයේ විශේෂ රැස්විමක් අද පැවැත්වු බවත්, එහිදි සියලු නීතිඥ්‍යවරුන් ඒකමතික තීරණය කරනු ලැබුවේ අධිකරණ කටයුතු 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට බවත් ගාමිණි සේනානායක මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් එම විනිසුරුවන් තිදෙනාගෙන් එම ඉල්ලීම කල බවත්, එම ඉල්ලීම අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර අධිකරණ සේවා කොමිසන් සභාවේ උපදෙස් පරිදි ඉදිරි කටයුතු කරන බවට එම විනිසුරුවන් තිදෙනා තම සංගමයට දැනුම් දෙන බව පැවසු බවයි ගාමිණි සේනනායක මහතා කියා සිටියේය.

අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ඉකුත් මස 26 දින නඩු කටයුත්තක් සදහා තම අධිකරණ සංකීර්ණයට පැමිණ පසුව එම නිලධාරියා කල පි.සි.ආර්. වාර්තාව අනුව ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරියා එ බව නුවරඑළිය පොලිසියට දැනුම් දි ඇති බවද ගාමිණි සේනානායක මහතා පැවසිය.

නුවරඑළිය අධිකරණ සංකිර්ණය නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් විෂබිජහරණයටද ලක් කෙරිණ.

Related posts

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

colombotoday

අලුත් කොරෝනාවෛරස ප්‍රභේදයක් – රටවල් 63කින් ආසාදිතයෝ හමු වෙති

colombotoday

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

colombotoday