Colombo Today Local News

අලුත් කොරෝනාවෛරස ප්‍රභේදයක් – රටවල් 63කින් ආසාදිතයෝ හමු වෙති

BA5 ලෙස නව කෙරෝනාවෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එම වෛරස ප්‍රභේදය ආසාදිතයින් මෙරටින් හඳුනා ගෙන නොමැති අතර මේ වන විට මෙම වෛරස ප්‍රභේදය රටවල් 63කින් වාර්තා වී ඇති බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

එහි වැඩිදුරට ත් දැක්වෙන්නේ, මෙම නව උපප්‍රභේදය මීට පෙර පැවති කෙරෝනාවෛරස ප්‍රභේදයන්ට වඩා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව ය.

Related posts

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

කුරුණෑගල පල්ලිය ළග ගල්වළේ කඩු මන්නා පිහි තොගයක්

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday