විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කමල් අරුණශාන්ත හෙවත් “ආමි කමල්” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිස් නිලධාරීන් කළ වැටලීමක දී වැලිපැන්න හේන්පිට ප්රදේශයේ දී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිය පුත්රයා ද සමග හොරොයින් පානය කරමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.
පුත්රයා පළාගොස් ඇති අතර සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 10ක්, හමුදා නිල ඇඳුම් 02ක් හා ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.